නාවික හමුදාව අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන එයි

ජුනි 06, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (ජූනි 5) දින මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා ආසාද්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙන එන ලදී.

ආරක්ෂක අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස්වලට අනුව සිදු කල මෙම මෙහෙයුමෙන් පසු ගොඩබිමට රැගෙන පැමිණි තුවාලකරු ප්‍රතිකාර සඳහා කඩිනමින් කරාපිටිය රෝහල වෙත යොමු කරන ලදී.

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 345ක් පමණ (කිලෝ මීටර් 638ක් පමණ) දුර ගැඹුරු මුහුදේදී බහුදින යාත්‍රාවක සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් මොහු තුවාල ලැබූ බව වාර්තා වේ.

ඊයේ එම ස්ථානයට ගිය නාවික හමුදාවේ ‘සයුර’ නෞකාව මගින් තුවාලකරු ගොඩබිම ආසන්නයට රැගෙන එමෙන් පසු දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී වේග ප්‍රහාරක යාත්‍රාවකට මාරු කර කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කල බව නාවික හමුදාව පවසයි.