දැදුරු ඔය ජලාශයේ පහත් බිම්වාසින් වෙත නිවේදන

ජුනි 06, 2021

මේ වන විට දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 10500 ක ජල ධාරිතාවක් නිකුත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව, දැදුරු ඔය දෙපස පහත් බිම් ප්‍රදේශ වල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.