රුපියල් මිලියන 28 ක් වටිනා ගංජා තොගයක් නගර්කෝවිල්හිදී නාවික හමුදා භාරයට

ජුනි 07, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (7) දින නගර්කොවිල් වෙරළ ප්‍රදේශයේදී රුපියල් මිලියන 28 ක් වටිනා ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා උතුරු නාවික විධානය මගින් සිදුකල පාමුර සංචාරයකදී ගෝනිවල අසුරා අතහැර දමා ගොස් තිබු කිලෝ 96 ක් පමණ වන මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

ආරක්ෂක අංශ විසින් සිදුකරනු  ලබන ක්‍රියාන්විත හේතුවෙන් පසුව රැගෙනයාම සඳහා ජාවාරම්කරුවන් විසින් මෙම ගංජා තොගය සඟවා ගොස් ඇති බවට විශ්වාස කෙරේ.   

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් මෙම මෙහෙයුම සිදු කල බව නාවික හමුදාව පවසයි.