හදිසියේ ගොඩ බැස්සූ ගුවන් හමුදා යානය ආරක්ෂිතයි

ජුනි 07, 2021

පුහුණුවීමක් අතරතුරදී කාර්මික දෝෂයකට ලක්වූ ගුවන් හමුදාවේ පුහුණු ගුවන් යානයක් ( සෙස්නා 150 ) හදිසියේ ත්‍රිකුණාමලය, ඉරක්කණ්ඩි ප්‍රදේශයට ගොඩ බස්සවන ලදී.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුශාන් විජේසිංහ සදහන් කල පරිදි, මෙම ගුවන් යානය පෙරවරු 10.22 ට පමණ චීන වරාය ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගතකර ඇති අතර පෙරවරු 10.48 ට පමණ හදිසි ගොඩබෑමක් සිදුකර ඇත.

මේ වනවිට ගුවන් යනාව සහ එහි ගමන් ගත් නියමුවන් දෙදෙනා ආරක්‍ෂිත බව ඔවුන් පවසයි.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.