ඉන්දියානු වෙරළ ආරක්‍ෂක නෞකාවන්ගේ සේවය නාවික හමුදාපතිගේ පැසසුමට

ජුනි 11, 2021

මෑතකදී MV X-PRESS PEARL නෞකාවේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ “සමුද්‍ර ප්‍රහාරී”, ‘වජ්රා’ සහ ‘වෙබාව්’ යන නෞකා මගින් සිදු කල සේවය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඇගයීමට ලක් කරන ලදී.

එම නෞකා වල අණදෙන නිලධාරීන් වෙත නාවික හමුදාපති විසින් සේවය ඇගයීමේ ලිපි ප්‍රදානය කිරීම අද දින (ජුනි 10) කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යා‍ලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් විකාස් සූඩ් ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.