දකුණු සුඩානයේ ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමේ සේවය පැසසුමට

ජුනි 11, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දකුණු සුඩානයේ බෝර් නගරයේ ස්ථාපිත කර ඇති දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකික හත්වන වෛද්‍ය කණ්ඩායමේ දැඩි කැපවීම, ප්‍රශස්ත දැනුම, පළපුරුද්ද, කළමනාකරණය සහ කුසලතාව පිළිබඳ  විශේෂ ඇගයීමට ලක් කරන ලදී.

දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වෛද්‍ය බලකායේ නියෝජ්‍ය වෛද්‍ය ලුතිනන් කර්නල් රිෆාට් සමාන් (Lt Col Dr Riffat Zaman) ඇතුළු නියෝජිත පිරිසක් විසින් මෙසේ ඇගයීමට ලක් කර ඇත.

මෙම නියෝජිත කණ්ඩායම විසින් මෙම රෝහලේ, වෛද්‍ය සේවය සඳහා ඇති සූදානම, කාර්ය මණ්ඩල අතර ඇති සම්බන්ධීකරණය සහ  සහයෝගීතාව, කොවිඩ් - 19 ආසාදනය වැළැක්වීම සඳහා ඇති ක්‍රියාමාර්ග, කොවිඩ් 19 පීසීආර් පරීක්ෂණ පහසුකම, හදිස්සි ප්‍රතිකාර සඳහා ඇති සූදානම්, ගුවනින් රෝගීන් රැගෙන යාමට ඇති හැකියාව පිළිබඳ විශේෂ ඇගයීමකට ලක්කර ඇතිබව යුද හමුදාව තවදුරටත් පැවසීය.