පළමු අදියරයේ නායයාම් අනතුරු ඇගවීම්

ජුනි 14, 2021

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (ජුනි 14) දින  නිවේදනයක් නිකුත් කරමින් දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ කිහිපයක් සඳහා පළමු අදියරයේ (කහ) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී.

ඒ අනුව, අද පස්වරු 4:30 සිට ඉදිරි පැය 24 දක්වා කාලය තුළ    රත්නපුර, කෑගල්ල, නුවරඑළිය සහ  මහනුවර දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වේ.

නායයෑම් වලට අමතරව, ගස්,විදුල කණු හා දුරකථන කණු ඇලවීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

පොළවේ ඇතිවන ඉරිතැලීම්, එකවර ජල උල්පත් ඇති වීම, පෙර පැවති ජල උල්පත් බොර වී යාම,අවහිර වීම හෝ නැතිවී යාම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස තවදුරටත් එහි සඳහන් වේ.

වැඩිදුර තොරතුරු : www.nbro.gov.lk