රුපියල් මිලියන 39 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ජුනි 18, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කයිට්ස්, කරම්පන් වෙරළ ප්‍රදේශයේදී කිලෝ 130 ග්‍රෑම් 760 ක් පමණ වන ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් ඊයේ (ජූනි 17) දින අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා උතුරු නාවික විධානය මගින් කරම්පන් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා සහිත පාර්සල් හතරක් රැගෙන පැමිණි මෙම ඩිංගි යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කේරළ ගංජා තොගයේ සම්පුර්ණ වටිනාකම රුපියල් මිලියන 39 කට අධික වෙතැයි නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 31 යන වයස් වල පසුවන පේසාලේ සහ කයිට්ස් යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිසිය වෙත භාරදී ඇති අතර , මෙම සම්පුර්ණ මෙහෙයුම සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව ක්‍රියාත්මක කර ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසිය.