ආරක්‍ෂක අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් ආබාධිත යුද හමුදා නිලධාරියෙකුට නව නිවසක්

ජුනි 19, 2021

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාවේ මූල්‍ය සහයෝගය ඇතිව මතුගම ප්‍රදේශයේ පදිංචි ආබාධිත රණවිරුවෙකු වෙත අලුතින් ඉදිකරන ලද නිවසක් මෑතකදී භාරදෙන දෙන ලදි.

වන්නි මානුෂීය මෙහෙයුම අතරතුර කිලාලිහිදී ත්‍රස්ත බෝම්බයක් හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා දැනට වෛද්‍ය වර්ගකිරීම් යටතේ යුද හමුදාවේ සේවය කරන මේජර් ප්‍රසන්න මාතරආරච්චි වෙත මෙම නව නිවස ලබාදෙන ලදි.

මෙම නිවස භාරදීමේ අවස්ථාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් දුලිත් පෙරේරා, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් සහ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.