යුද හමුදාව විසින් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කෙරේ

ජුනි 22, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර සෞඛ්‍ය බලධාරීන් වෙත භාර දෙන ලදි .

මෙහි සියලු වෛද්‍ය පහසුකම් සමගින් රෝගීන් 300 ක් සඳහා පහසුකම් ලබා දිය හැක.

14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සේනරත් යාපාගේ උපදෙස් මත 14 වන් විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් මෙම් ව්‍යාපෘතිය සිදු කළ බව යුද හමුදාව පවසයි.