මඩකලපුවේ ශික්ෂණ රෝහලට යුද හමුදාවෙන් PCR යන්ත්‍රයක්

ජුනි 24, 2021

ශ්‍රී ලංකා යුද හමුදාවේ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ විසින් මඩකලපුව ශික්ෂණ රෝහල වෙත රෝහලේ කාර්‍යභාරය ඉටුකරගෙන යාම  සඳහා අවශ්‍ය වන භාණ්ඩ තොගයක් පරිත්‍යාග කරන ලදි.  

ඒ අනුව, රෝහලට දිනකට අවම වශයෙන් පරීක්ෂණ 1000 ක් පැවැත්වීම සඳහා PCR යන්ත්‍රයක්, පරිගණක, මුද්‍රණ යන්ත්‍ර,ස්මාර්ට් ජංගම දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර  ඇතුළත් වෛද්‍ය උපකරණ සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් ඇතුළු තාක්ෂණික උපාංග ලබා දුන් බව යුද හමුදාව සඳහන් කරයි.

යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් සිදුකළ මෙම පරිත්‍යාග සඳහා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, සංවිධාන, ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් සහ විදේශීය පරිත්‍යාගශීලීන් දායක වූ බවයි.

ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, ආගමික හා සිවිල් සංවිධානවල නිලධාරීන් ද විවිධ අවස්ථාවන්හිදී රෝහල් බලධාරීන්ට විධිමත් ලෙස පරිත්‍යාග භාරදීමට සහභාගී වූහ.