ගුවන් හමුදාව විසින් මිහින්තලේ ස්ථූපයේ හුණු පිරියම් කෙරේ

ජුනි 25, 2021

පූජනීය මිහින්තලේ මහා සෑයේ  හුණු පිරියම් කිරිමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඊයේ (24) අවසන් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය හරහා  කරන ලද ඉල්ලීමකට අනුව, පූජනීය මිහින්තලේ මහා ස්ථූපයේ හා යාබද පන්සල් ගොඩනැගිලිවල හුණු පිරියම් කිරිමේ ව්‍යාපෘතිය අප්‍රේල් 29 වන දින ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති    එයාර් මාෂල් සුදර්ශන පතිරණ  මහතාගේ උපදෙස් පරිදි ය.

තවද, ආගමික වත්පිළිවෙත් අනුගමනය කරමින් භට පිරිස් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ  මහතා, මිහින්තලේ රාජ මහා විහාරාධිපති පූජ්‍ය අචාර්ය වලවාහැංගුනවැවේ  ධම්මරතන හිමියන් හමුවී ව්‍යාපෘතියේ සමාප්තිය සටහන කරන ලදි.

උතුරු ගුවන් විධානයට අයත්  කඳවුරුවල  හා රෙජිමේන්තු විශේෂ බලකායේ භට පිරිස් හි සහයෝගයෙන්  ශ්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ කාර්යාලයේ සහය ඇතිව මෙම උදාර කර්තව්‍යයට සහභාගී වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.