යුද හමුදාව විසින් ලුණාව රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කෙරේ

ජුනි 25, 2021

මොරටුව, ලුණාව රෝහලේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක්   යුද හමුදා භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදී ඇත.

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් පරිදි පළමු වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉතා කෙටි කලකින් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කල බව යුද හමුදාව පවසයි.

මේ අතර, 12 වන  ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 3 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් මාතර මාපලාන පිහිටි රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර ඊයේ දින (ජුනි 24 ) සෞඛ්‍ය අංශය වෙත භාර දී ඇති බව යුද හමුදා පවසයි.

Sinhala.