නීති විරෝධී කහ කිලෝ 753 ක් සිලාවතුරෙන් සොයාගැනේ

ජුනි 25, 2021

යුද හමුදාවේ 54 වන සේනාංකයට අයත් බුද්ධි අංශ සහ 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිලාවතුර සවරිපුරම් ප්‍රදේශයේදී නීති විරෝධී කහ කිලෝ ග්‍රෑම් 753 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වා ඇති බවට සැක කෙරෙන මෙම කහ තොගයේ වටිනාකම රුපියල් මිලියන 4.518 ක් වන අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හමුවී නොමැති බව යුද හමුදාව පවසයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම කහ තොගය සිලාවතුර පොලිසියට භාරදී ඇති බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

Sinhala.