කේරල ගංජා කිලෝ 80ක් නල්ලූර් හිදී යුද හමුදා අත්අඩංගුවට

ජුනි 26, 2021

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 80 කට අධික ප්‍රමාණයක් කිලිනොච්චිය, නල්ලූර් සීතාකුඩිඉරිප්පු ප්‍රදේශයේදී යුද හමුදා භටපිරිස් විසින් ඊයේ ( ජුනි 25) දින සොයාගෙන තිබේ.

යුද හමුදා 66 වන සේනාංකයට අයත් බුද්ධි අංශ සහ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් සැකකරුවෙක්, බෝට්ටුවක්, බොලරෝ කැබ් රථයක් සහ නීති විරෝධී මත්පැන් බූලියක් අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදා ආරංචිමාර්ග සඳහන් කරයි.

සැකකරු ඇතුළු අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා කිලිනොච්චිය පොලිසිය වෙත  භාර දී ඇත.

 

Sinhala.