වවුනියාව නගරය යුද හමුදාව විසින් විෂබීජහරණය කෙරේ

ජුනි 26, 2021

කොවිඩ් - 19 වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා යුද හමුදා භටපිරිස් විසින් වවුනියාව නගරය හා ඒ අවට පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් මෑතකදී සිදු කරන ලදී.

ඒ අනුව, බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථානය, සුභ සාධක මධ්‍යස්ථාන, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, වෙළෙඳ ස්ථාන , මහ රෝහල් පරිශ්‍රය, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන, ජනතාව ගැවසෙන ස්ථාන සහ ත්‍රිරෝද රථ නැවතුම් පොළවල් ආදි ස්ථාන විෂබීජහරණය කල බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාරගේ උපදෙස් පරිදි 17 වන සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ නගර සභාවේ සේවකයින්ගේද සහයෝගයෙන්  ජුනි මස 24 දින මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

Sinhala.