බෙලිඅත්ත ප්‍රදේශයට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

ජුනි 27, 2021

යුද හමුදාව විසින් මෑතකදී  බෙලිඅත්ත ආයුර්වේද රෝහල  අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර සෞඛ්‍ය අංශ වෙත භාර දී ඇත.

මෙම මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින් කොවිඩ් - 19 රෝගීන් සීයකට පමණ එකවර ප්‍රතිකාර කිරීමේ පහසුකම ඇති බව යුද හමුදාව පවසයි.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවකගේ මගපෙන්වීම යටතේ 23 වන ගජබා රෙජිමේන්තුවේ, 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී.

දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය සී එල් ගුරුගේ මහතා ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.

Sinhala.