යුද හමුදාව ලැව් ගිනි නිවයි

ජුනි 29, 2021

ආපදා කළමණාකාර මධ්‍යස්ථානය ලබාදුන් තොරතුරුවලට ඉක්මන් ප්‍රතිචාර දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහකුඩුගල රක්ෂිතයේ පැතිර ගිය ලැව් ගින්නක් පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් නිවාදමා තිබේ. 

112 බලසේනාධිපති විසින් ලබාදුන් මාර්ගෝපදේශ අනුව තුන්වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් ගින්න පාලනය කළ බව යුද හමුදාව පවසයි.