කාබනික පොහොර නිෂ්පාදනයට යුද හමුදා සහාය

ජුනි 29, 2021

ශ්‍රී ලංකා යුද හමුදාවේ භටපිරිස් විසින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් කඳවුරුවල කාබනික පොහොර නිෂ්පාදන කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය මඟින් කාබනික පොහොරවල වාසි පිළිබඳව ප්‍රජා දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට අපේක්‍ෂා කරන අතර දේශීය ගොවීන්ට ඔවුන්ගේම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා තාක්‍ෂණික සහාය ලබා දීමට යුද හමුදාව අපේක්‍ෂා කරන බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.