දිළිඳු පවුල් වෙත සහන සැපයීමට යුද හමුදා සහය

ජුලි 04, 2021

ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 52 වන සේනාංකය විසින් පසුගිය දිනක අරියාල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක මලු ලබාදෙන ලදී.

මෙම සහන මලු සඳහා දානපතියෙකු අනුග්‍රහය ලබාදී ඇති අතර යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ මඟ පෙන්වීම යටතේ අරියාල සර්වෝදය මධ්‍යස්ථානයේදී මෙම වැඩසටහන පැවැත්විණි.

පූජ්‍ය පක්ෂය, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ග්‍රාම නිලධාරින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.