යුද හමුදා භටපිරිස් නීති විරෝධී වැලි ජාවාරමක් වටලයි

ජුලි 05, 2021

ත්‍රිකුණාමලය සිත්තාරු ප්‍රදේශයේ නීති විරෝධී වැලි කැණීම්වල යෙදී සිටි පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුද හමුදා භට පිරිස් සහ පොලිසිය සමත්ව ඇත.

යුද හමුදා විශේෂ බලකා භට පිරිස් 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ ඩ්‍රෝන කණ්ඩායම සමඟ ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදුකර ඇති අතර සැකකරුවන් සමග ටිපර් රථ 3 ක් සහ ඩිංගි බෝට්ටු 4 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ පොලිසිය වෙත භාර දී ඇති බව යුද හමුදාව පවසයි.