ඔලිම්පික් වරම් ලද ගුවන් හමුදා ජුඩෝ ශුරයා ගුවන් හමුදාපතිගේ ඇගයීමට

ජුලි 06, 2021

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එළඹෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා තේරී පත් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජූඩෝ ක්‍රීඩක කෝප්‍රල් චාමර ධර්මවර්ධන ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ හමුවිය.

ගුවන් හමුදා ජුඩෝ ශුරයා වෙත සුභ පැතුම් එක්කල ගුවන් හමුදාපති ඔහු වෙත ක්‍රීඩා ඇදුමක් ප්‍රධාන කල අතර, 2021 අගෝස්තු මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඊලග නිලය සඳහා උසස්වීමක්ද ලබා දී ඇත බව ගුවන් හමුදාව පවසයි.

ඔහු 2016 රියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 9 වන ස්ථානය ලබා ගත්තේය.

මෙවර ඔලිම්පික් උළෙලේදී ඔහු කිලෝ ග්‍රෑම් 73 බර පන්තිය යටතේ තරඟ වැදීමට නියමිතයි.