දිවයිනේ කහ වගා කිරීමට යුද හමුදාව දායක වේ

ජුලි 08, 2021

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ කුට්ටිගල කඳවුරේ භට පිරිස් විසින් එම කඳවුරු භූමියේ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක කහ බීජ රෝපණය කරන ලදී.

වැවිලි අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම වගා ක්‍රියාවලිය ආරම්භ කළ බව යුද හමුදාව පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්දන හදුන්මුල්ලගේ මගපෙන්වීම මත පළමුවන ශ්‍රී ලංකා යුද හමුදා පොදුසේවා බලකායේ අණදෙන නිලධාරී විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.