අධ්‍යාපන නිලධාරීන්ට සහ ගුරුවරුන්ට යුද හමුදාව එන්නත ලබාදෙයි

ජුලි 09, 2021

ගුරුවරුන් සඳහා එන්නත ලබා දීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා ලබාදුන්  උපදෙස් අනුව එම වැඩසටහන ආරම්භ කරමින් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය කණ්ඩායම විසින් මහරගම ජාතික අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 350 කට පමණ මෑතකදී එන්නත ලබා දෙන ලදී.

අධ්‍යාපන කළමණාකරුවන්, ගුරු උපදේශකයින් සහ ගුරුවරුන්ගේ දැනුම ගොඩනැංවීම, පාසල් විෂය මාලාවන් සැලසුම් කිරීම,සංවර්ධනය කිරීම සහ අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්ති පර්යේෂණ පැවැත්වීම සඳහා වගකිව යුතු ආයතනය වන්නේ ජාතික අධ්‍යාපන ආයතනයයි.