මිලියන 4ක් වටිනා කහ තොගයක් යුද හමුදා භාරයට

ජුලි 11, 2021

මන්නාරම වෙරළතීරයේ පෙරියකඩේ ප්‍රදේශයෙන් මිලියන 4ක් පමණ වටිනාකමින් යුත් කහ කිලෝග්‍රෑම් 672ක් සොයාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්ව ඇත.

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ බුද්ධි අංශය සමඟ 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ක්ෂණික ප්‍රතිචාර ඒකකය එක්ව මෙහෙයුම සිදු කර ඇත.

යුද හමුදාව ප්‍රකාශ කළේ කහ තොගය පෙරියකඩේ ප්‍රදේශයට බෝට්ටු තුනකින් ගෙනැවිත් ඇති බවත් ඩිමෝ බට්ටා ලොරි රථයකින් ප්‍රවාහනය කිරීමට සුදානමක් තිබූ බවයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා වාහනය, බෝට්ටු තුනක් සහ බෝට්ටු එන්ජින් දෙකක් අත්අඩංගුවට ගෙන මන්නාරම් පොලිසියට භාර දුන් බව යුද හමුදාව වැඩිදුරටත් පවසයි.