ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් ත්‍රිකුණාමලයට පැමිණෙයි

මාර්තු 18, 2019

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් ඉරිදා (මාර්තු 17) දින ත්‍රිකුණාමලයට ලඟාවූ බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. දෙවන ලෝක යුධ සමයේදී මඩකලපුව මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් වූ නෞකාවක් සෙවිමේ මුලික කටයුතු සඳහා මෙම නෞකා දෙක පසුගිය මාර්තු 11 වන දින ශ්‍රී ලංකා මුහුදු කලාපයට පැමිණ තිබේ. ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ මෙම නෞකා දෙක ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

මෙම නෞකාවන් ලබන 20 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, ඒවායෙහි කාර්යමණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියක් සඳහා සහභාගී වීමට නියමිතව ඇත.