නීතිවිරෝධී මෝර දඩයමක් නීතියේ රැහැනට

ජුලි 13, 2021

නීතිවිරෝධී ලෙස ලබාගන්නා ලද මෝර කොටස් කිලෝ 27 ක පමණ ප්‍රමාණයක් සහිත බහුදින ධීවර යාත්‍රාවක් සමග ධීවරයින් 5 දෙනෙක් යාපනය මයිලඩි ධීවර වරායේදී වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෑතකදී අත්අඩංගුවට ගෙන ඇත.

එම ධීවර වරායේ රාජකාරිහි නියුතු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකල සෝදිසි මෙහෙයුමකදී, ධීවර කටයුතු සිදුකර වරායට පැමිණි බහුදින ධීවර යාත්‍රාවක සගවා තිබියදී මෙය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය ඔවුන්ගේ සුපුරුදු මත්ස්‍ය අස්වැන්න අතර සඟවා තිබියදී සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක වෙත භාර දී ඇති බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.