යුද හමුදාව ගංජා හේනක් වටලයි

ජුලි 14, 2021

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් භටපිරිස් කුඩාඔය පොලිසිය සමඟ එක්ව පසුගියදා කුඩාඔය, කොටියාකඳුර ප්‍රදේශයේ වගාකර තිබු ගංජා හේනක් වටලන ලදි.

රක්‍ෂිතයේ අක්කර 2 ක පමණ භූමි ප්‍රමාණයක නීතිවිරෝධි ලෙස වගාකර තිබු මෙම ගංජා හේනේ ගංජා පැළ 10,000 ක් පමණ වගා කර තිබූ බව යුද හමුදාව පවසයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කුඩාඔය පොලිසිය විසින් සිදුකරනු ලබයි.