විහාර මහා දේවී උද්‍යානයේ එන්නත්කරණය ඇරඹේ

ජුලි 15, 2021

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ජනතාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ නව ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් අද (ජූලි 15) දින සිට විවෘත කර තිබේ.

ජාතික හැඳුනුම්පත සමඟ විදුලි බිල/දුරකථන බිල/ඡන්ද නාමලේඛනයේ පිටපත හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ පදිංචිය තහවුරු කරන ලද ලිපියක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා කාලය තුළ ලබා ගත හැකි බව යුද හමුදාව පවසයි.

වේරහැර ප්‍රජා එන්නත් මධ්‍යස්ථානය තවදුරටත් ක්‍රියාත්මක වන අතර දියත උයන මධ්‍යස්ථානයේ කටයුතු අද (15) සිට එළැඹෙන ජූලි 19 වනතෙක් තාවකාලිකව නවතා ඇත.