මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට

ජුලි 16, 2021

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා ජූලි 17 වන දින සිට පත් කර ඇත.

මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා මේ වන විට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස සේවය කරන අතර ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාධිපති ද වේ.

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වන මාණ්ඩලික ප්‍රධානීවරයා බව යුද හමුදාව සඳහන් කරයි.