යුද හමුදාවෙන් වියළි මිරිස් මෙට්‍රික් ටොන් 1 ක් වෙළඳපලට
ජුලි 17, 2021ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය කන්දකාඩු, මැණික්ෆාම් සහ අන්ඩියාපුලියන්කුලම් යුද්ධ හමුදා ගොවිබිම්වල අක්කර 200 ක භූමි ප්‍රමාණයක මිරිස් වගා කර එහි ඵලදාව කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙත මෑතකදී සංකේතාත්මකව භාර දෙන ලදි.
මිරිස් වගා කිරීම සඳහා අවශ්‍ය ඉඩම්, බීජ හා පැළ ලබාගැනීම, පොහොර සහ බෝග සකස් කිරීම සඳහා අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 79 ක මුදලක් යුද හමුදාවට වෙන් කර ඇති බව යුද හමුදාව පවසයි.
ඒ අනුව මිරිස් මෙට්‍රික් ටොන් 1 ක පළමු අස්වැන්න වියළි මිරිස් කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 300.00 ක සහන මිලක් යටතේ උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමා වෙත සංකේතාත්මකව භාරදෙන ලදි.
සතොස සහ සමුපකාර හරහා මහජනයා අතර බෙදාහැරීම සඳහා මෙම තොගය රාජ්‍ය කුළුබඩු සංස්ථාවට විකුණනු ලැබේ.
මෙම උත්සවය සඳහා රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ බ්‍රිගේඩියර් අරෝෂ් රාජපක්ෂ ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.