ඔලිම්පික් වරම් ලද නාවික හමුදා ක්‍රීඩිකාවට උසස්වීමක්

ජුලි 17, 2021

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගත් නාවික හමුදාවේ නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඊයේ (16) දින සුළු නිලධාරී තනතුර දක්වා උසස් කරන ලදී.

මෙම අවස්ථාවේදී ඇයට නාවික හමුදාපති වෙතින් වටිනා මූල්‍ය ත්‍යාගයක් ද ලැබුණි.

කොවිඩි 19 ව්‍යාප්තිය වැළැක්වීම උදෙසා ඔලිමිපික් උළෙලට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ ජෛව ආරක්‍ෂක බුබුල සංකල්පයට අනුකූලවන පරිදි මෙම අවස්ථාව සංවිධානය කළ බව නාවික හමුදාව තහවුරු කරයි.

වයිස් අද්මිරාල් උළුගේතැන්න විසින් එළඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී දස්කම් දැක්වීමට ටෙහානි එගොඩවෙලට සිය සුබ පැතුම්ද එක් කළේය.