නාවික හමුදාව අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන එයි

ජුලි 19, 2021

මෙරටට අයත් බහු දින ධීවර යාත්‍රාවක සිටියදී තුවාල වූ ධීවරයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූලි 18) දින ගොඩබිමට රැගෙන එන ලදි.

ආරක්ෂක අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස්වලට අනුව සිදු කල මෙම මෙහෙයුමෙන් පසු ගොඩබිමට රැගෙන පැමිණි තුවාලකරු ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කරන ලදි.

ඊයේ එම ස්ථානයට ගිය නාවික හමුදාවේ ‘සයුරල’ නෞකාව මගින් තුවාලකරු හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කල බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 610 ක් පමණ (කිලෝ මීටර් 1129) දුර ගැඹුරු මුහුදේදී බහුදින යාත්‍රාවක සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් මොහු තුවාල ලැබූ බව වාර්තා වේ.