පැරණි සංඝාවාස ගොඩනැගිල්ලක් යුද හමුදාව ප්‍රතිසංස්කරණය කරයි

ජුලි 19, 2021

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනේදී අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත විහාරහල්මිල්ලෑව රජමහා විහාරස්ථානයේ පැරණි සංඝාවාස ගොඩනැගිල්ල ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදි.

5 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්වල තාක්‍ෂණික දැනුම යොදා ගනිමින් 623 බලසේනාධිපති කර්නල් රොහාන් මැදගොඩගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය නිම කළ බව යුද හමුදාව පවසයි.

ප්‍රතිසංස්කරණය කරන ලද සංඝාවාස ගොඩනැගිල්ල ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර විසින් සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ විහාරස්ථානයේ වැඩ වාසය කරන මහා සංඝරත්නය වෙත සඟසතුකොට පූජා කළ බව යුද හමුදාව තවදුරටත් පවසයි.