යාපනයේ අයෝග්‍යව ඇති යුද හමුදා වාහන ප්‍රතිනවීකරණය කෙරේ

ජුලි 20, 2021

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු භට පිරිස් විසින් අයෝග්‍ය තත්වයේ තිබූ යුද හමුදාවට අයත් වාහන සමූහයක් මෑතකදී නැවත භාවිතය සඳහා අලුත්වැඩියා කරන ලදි.

අමතර කොටස් නොමැතිව භාවිතයට නොගත් කැබ් රථ, ට්‍රක් රථ, ට්‍රැක්ටර්, බවුසර්, ත්‍රිරෝද රථ, ජනක යන්ත්‍ර සහ ජල පොම්ප කිහිපයක් මීට මෙලෙස අලුත්වැඩියා කර ඇති බව යුද හමුදාව පවසයි.

යාපනය ආරක්‍ෂ‍ක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා විසින් මෙම වාහන ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) සහ බලඇණි වෙත භාර දී ඇති බව යුද හමුදාව පවසයි.

යාපනය ආරක්‍ෂ‍ක සේනා මූලස්ථානයේ හමුදා නිලධාරීන් ඇතුළු භට පිරිස් මෙම අවස්ථාවට සහභාගී වුහ.