පූනරින් යුද හමුදා කඳවුරෙන් මසකට කාබනික පොහොර ටොන් 30 ක්

ජුලි 20, 2021

රජයේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට සහය වෙමින් ගොවීන් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කිලිනොච්චිය ආරක්ෂක සේනා  මූලස්ථානය විසින් පූනරින් ජයපුරම් හි 663 වන බලසේනා මූලස්ථාන කදවුරේ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානයක් මෑතකදී ආරම්භ කරන ලදී.

මසකට කොම්පෝස්ට් පොහොර ටොන් 30 ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත මෙම පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ අධීක්ෂණය යටතේ සිදුකරන බව හමුදාව පවසයි.

කාබනික පොහොර භාවිතයේ ඇති වාසි පිළිබඳව ප්‍රජා දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ දේශීය ගොවීන්ට ඔවුන්ගේම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා තාක්ෂණික සහාය ලබා දීම මෙම ව්‍යාපෘතිය මගින් තවදුරටත් අපේක්ෂා කරන බව හමුදාව තහවුරු කරයි.