කිලිනොච්චි සිවිල් වැසියන් සඳහා නිවාස 2 ක් යුද හමුදාවෙන්

ජුලි 28, 2021

සහජීවනය සමගිය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදා සමාජ සුබසාධන වැඩපිළිවෙලෙහි තවත් පියවරක් ලෙස අඩු ආදායම්ලාභි පවුල් දෙකක් සඳහා නව නිවාස දෙකක් ඉදිකර ඔවුන්ට භාරදෙන ලදි.

කිලිනොච්චියේ මුක්කොම්පන් හි උදයසූරියන් සහ ස්කන්දපුරම් හි ජෝශප් කමලාස් ෆර්නැන්ඩෝ යන මහත්වරුන් වෙත නිවාස සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ද සමග එම නිවාස භාරදුන් බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ හා 20 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ භට පිරිස්වල ශ්‍රම දායකත්වයෙන් හා දානපතියන්ගේ පරිත්‍යාග සමගින් මෙම ව්‍යාපෘතිය නිම කළ බව යුද හමුදාව පවසයි.

COVID19 වැළැක්වීමේ සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ නිවාස භාරදීමේ උත්සව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේන‍ා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, භට පිරිස් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.