ගුවන් හමුදාවෙන් ඉදිකල මුල්ලේරියාව රෝහලේ නව වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ

අගෝස්තු 04, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද මුල්ලේරියාව මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය වෙත ඊයේ (අගෝස්තු 3) දින භාර දෙන ලදී.

වාට්ටු පහකින් සමන්විත වන මෙම සංකීර්ණයේ රෝගීන් 160 දෙනෙකු සහ වෛද්‍ය කාර්යය මණ්ඩලය සඳහා පහසුකම් ඇති බව ගුවන් හමුදාව පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 200 ක පමණ මුදලක් ඇස්තමේන්තු කර තිබුනද ගුවන් හමුදාවේ තාක්ෂණික හා ශ්‍රම දායකත්වය උපයෝගීකරගෙන රුපියල් මිලියන 35 ක් වැනි මුදලකට අවසන් කර විශාල මුදලක් ඉතිරි කර දුන් බව ගුවන් හමුදාව පවසයි.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මුල්ලේරියාව මුලික රෝහල් අධ්‍යක්ෂක, ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඉදිකිරීම් ව්‍යාපෘතියට සම්බන්ධ භට පිරිස් සහභාගී වූහ.