සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර කැලණිය රජ මහා විහාරයෙන් පිටත් වේ

අගෝස්තු 12, 2021

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (12) උදෑසන කැලණිය රජ මහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.

ඒ අනුව, මෙම පෙරහැර ගල්බොරැල්ල, වරාගොඩ පාර, තෙලඟපාත, ඒ 3 පාර, වත්තල, වැලිසර, රාගම, කඩවත, කිරිල්ලවල, මුදුන්ගොඩ සහ මිරිස්වත්ත හරහා ගමන් කර අද සවස ගම්පහ සාම විහාරය වෙත පැමිණේ.

පුජනීය මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික ආශීර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුකෙරෙනු ඇත.

පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදු කරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.