යුද හමුදාව ජංගම එන්නත්කරණ වැඩසටහනක් දියත් කරයි

අගෝස්තු 12, 2021
  • ක්‍ෂණික ඇමතුම් 1906 / 0112860002

ජාතික එන්නත්කරණ වැඩසටහනේ තවත් පියවරක් ඉදිරියට තබමින් ශ්‍රී ලංකා යුද හමුදාව බස්නාහිර පළාතේ වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩසටහනක් අද (12) දින ආරම්භ කළේය.

මෙම කාර්යය සඳහා ජංගම එන්නත්කරණ රථ දහයක් සහ ගිලන් රථයක් වෙන් කර ඇති අතර අයදුම්කරුවන්ට මෙමගින් කොවිඩ් -19 සඳහා එන්නත ලබාගත හැකි බව යුද හමුදාව  පවසයි.

මේ සඳහා, 1906 හෝ 0112860002 යන දුරකථන අංක ඔස්සේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ  ලියාපදිංචි වී මෙම සේවය ලබාගත හැක.

මෙය ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය, නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය, සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් බව යුද හමුදාව පවසයි.
 
දත්ත ඇතුළත් කිරීමේ පහසුකම් සමග වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සහිත මෙම එන්නත්කරණ රථ, දෙමටගොඩ ප්‍රදේශයේ (එක් රථයක්), කොළඹ 15, මෝදර ප්‍රදේශයේ (රථ 3 ක්), ගංගාරාම මාවත සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ (එක් රථයක්), කොළඹ 14 , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ (රථ 3 ක්) , කොළඹ 15, බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශය (රථ 2 ක්)ස්ථානගත කර කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා ලබාදෙනු ලබන තොරතුරු වලට අනුව අවශ්‍ය ස්ථාන සඳහා යෙදවීමට කටයුතු කරන බව යුද හමුදාව පවසයි.