රෝහල් සඳහා ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 16 ක් යුද හමුදාවෙන්

අගෝස්තු 14, 2021

හදිසි අවස්ථාවන්හිදී භාවිතා කිරීම සඳහා ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 16 ක් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල - කළුබෝවිල, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල - රාගම සහ ගම්පහ මූලික රෝහල වෙත යුද හමුදාව විසින් ඊයේ (13) දින ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඕ.එම්.ඩී. ගුණසිංහ විසින් මෙම ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර අදාළ රෝහල් බලධාරීන්ට භාර දුන් බව යුද හමුදාව පැවසීය.