නාවික හමුදා දායකත්වයෙන් වතුපිටිවල රෝහලේ ඉදිකල නව කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

අගෝස්තු 16, 2021

නාවික හමුදා දායකත්වයෙන් වතුපිටිවල මූලික රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකය අද විවෘත කරන ලදි.

මෙම ප්‍රතිකාර ඒකකය තුළ කොවිඩ් 19 ආසාදිත විශේෂ ප්‍රතිකාර අවශ්‍ය රෝගින් 20 දෙනෙකු හට එකවර ප්‍රතිකාර ලබා දීමේ පහසුකම් සහිත ඇඳන් වලින් සමන්විත වේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරිම් කටයුතු නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ පරිත්‍යාගශිලින්ගේ අනුග්‍රාහකත්වයෙන් සිදු කරන ලදි.

තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව පැවති මෙම අවස්ථාවට බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සුරේෂ් ද සිල්වා, සෞඛ්‍ය නිලධාරීන් සහ නාවික හමුදා සාමාජිකයින් සීමිත පිරිසක් සහභාගි වී සිටියහ.