නාවික හමුදා ශක්ති නෞකාව ඔක්සිජන් රැගෙන ඒම සඳහා ඉන්දියාවට

අගෝස්තු 17, 2021

ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව ඔක්සිජන් මෙරටට රැගෙන ඒම  සඳහා ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ලගාවිම සඳහා ත්‍රිකුණාමලය වරායෙන් අද (අගෝස්තු 17) උදෑසන ගමන් ආරම්භ කරන ලදී.

ඉන්දියාවේ සිට මෙරටට ඔක්සිජන් ප්‍රවාහනය කිරීමේදී වරාය තුල සිදුවිය හැකි ප්‍රමාදයන්  වැළැක්වීමේ අපේක්ෂාවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නාවික හමුදාපතිවරයා වෙත ලබා දුන් උපදෙස් වලට අනුව මෙම නෞකාව යෙදවූ බව ශ්‍රී ලංකා නාවික  හමුදාව පවසයි.

දිවයින පුරා රෝහල් වල කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඔක්සිජන්  ප්‍රමාණ පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බව නාවික  හමුදාව වැඩිදුරටත් පැවසීය.