ගුවන් හමුදාව නිෂ්පාදනය කරන ලද ඔක්සිජන් චිකිත්සා ඒකකයක් කළුතර රෝහලට

අගෝස්තු 24, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ඊයේ (අගෝස්තු 23) දින කළුතර දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දෙන ලදී.

කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා වෙත නිල වශයෙන් මෙම උපකරණ භාරදෙන ලදී.

වෛද්‍ය රත්නසේකර සදහන් කල ආකාරයට කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඒකකය ස්ථාපිත කිරීමට නියමිතය.

කටුනායක මුලික කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගය සහ රත්මලාන මුලික කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය එක්ව මෙම ප්‍රතිකාර ඒකකය නිෂ්පාදනය කළ බව ගුවන් හමුදාව පැවසීය.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ පියවරයන් අනුගමනය කරමින් පැවති මෙම අවස්ථාව සඳහා ව්‍යාපෘතියට අරමුදල් සැපයූ නදුන් විජේසේකර මහතා, රෝහලේ වෛද්‍යවරුන්, කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ නිලධාරින් සහ සෙසුනිලයින් කිහිප දෙනෙක් සහභාගී වූහ.