නීති විරෝධී මෝර කොටස් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

සැප්තැම්බර් 16, 2021

නීති විරෝධී වියලි මෝර කොටස් කිලෝග්‍රෑම් 20 ක් සමඟ ධීවරයින් 7 දෙනෙකු සමඟ බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

දික්ඕවිට ධීවර වරායේ වෙරළාරක්ෂක නිලධාරින් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යාත්‍රාවේ මැදිරියක සඟවා තිබූ මෙම මෝර කොටස් සොයා ගත් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

බහු දින ධීවර යාත්‍රා කිහිපයකින් එකතු කරන ලද මෝර වරල් විකිණීම සඳහා ප්‍රවාහනය කර ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළිවිය.

සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා දික්ඕවිට ධීවර පරීක්‍ෂක වෙත භාර දුන් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.