කිලිනොච්චි යුධ හමුදා සාමාජිකයින්ගෙන් ප්‍රදේශවාසීන්ට ආධාර

අගෝස්තු 05, 2019

කිලිනොච්චි ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයින් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව අවධානය යොමුකරමින් ඔවුන්ට පානීය ජලය ගබඩා කිරීම සඳහා අවශ්‍ය ජල ටැංකි ලබා දීමට කටයුතු කර ඇත. යුධ හමුදා නිල වෙබ් අඩවියට අනුව යුධ හමුදා සාමාජිකයින් විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ උර්තිරපුරම්, කුමාරපුරම් සහ උමයාලපුරම් ගම්මානවල ජලය ගබඩා කිරීම සඳහා ලීටර් 3000 ක ප්ලාස්ටික් ජල ටැංකි තුනක් සවි කර ඇත.

මහජනතාවගේ ඉල්ලීම මත මෙම මහජන සුභසාධන වැඩපිළිවෙල සිදු කර ඇත. මෙම කලාපය දීර්ඝ කාලීන නියඟයකට ලක්ව ඇති අතර යුධ හමුදා සාමාජිකයින් විසින් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා අඛණ්ඩව ජලය සපයනු ලබයි.

මේ අතර, පසුගිය (අගෝස්තු 01) දින ලංකා බැංකුව විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනකට සහභාගී වූ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු කිලිනොච්චි රෝහලේ රෝගීන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී රුධිරය පරිත්‍යාග කරන ලදී