ශ්‍රී නාගපූසානි අම්මාන් කොවිලේ වාර්ෂික ‘ආදිපුරම් පූජාව’ සදහා නාවික හමුදා සහාය

අගෝස්තු 05, 2019

නයිනතිව් දූපතේ ශ්‍රී නාගපූසානි අම්මාන් කෝවිලේ වාර්ෂික ‘ආදිපූරම් පූජාව’ අගෝස්තු 03 වන දින පැවැත්විණි. නාවික හමුදා මාධ්‍යන්ට අනුව, වාර්ෂිකව පැවැත්වෙන මෙම හින්දු ආගමික උත්සවය සාර්ථක කර ගැනීම සදහා උතුරේ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් විසින් සහාය ලබා දී තිබේ.

පූජාව සදහා සහභාගී වන අය වෙනුවෙන් කුරිකඩ්ඩුවාන් සිට නයිනතිව් දක්වා තොටුපල සේවා සම්බන්ධීකරණය කිරීම සඳහා නාවික හමුදා සහාය ලබා දුන් අතර තවද බැතිමතුන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) ජීවිතාරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපීය ජනතාවට ඔවුන්ගේ ප්‍රධාන ආගමික උත්සව පැවැත්වීම සඳහා සහාය ලබා දෙන අතර ඔවුන් සිදු කරන සේවය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වී ඇත. කච්චතිව් දූපතේ පැවැත්වෙන වාර්ෂික ශාන්ත අන්තෝනි මංගල්‍යයද තවත් එවැනි උත්සවයකි