ලේ දන්දීම තුලින් සහජීවනය

සැප්තැම්බර් 21, 2021

   

  •   ‘ලේ දන්දීම මගින් රුධිරය සංසරණය පහසු විය හැක’

ඩිලාන් ජයතිලක

රුධිරය පරිත්‍යාග කිරීම ඒ සදහා අවශ්‍යතාවය ඇති අයට උපකාර කිරීමට ඇති හොඳම ක්‍රමයකි. එය වේදනා රහිත කරදරයකින් තොරව ඕනෑම සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට කළ හැකි නිදහස් උදාර ක්‍රියාවක්. එපමණක් නොව රුධිර අවශ්‍යතාවය සපුරාලීම කුලය, ආගම සහ ජාතිය නොසලකා ලෝකයේ ඕනෑම තැනක කාරුණික හදවතක් ඇති මනුෂ්‍යත්වය පිළිබිබු කිරීමකි.

එකම භූමියක වෙසෙන වෙනත් ජන කොටසකට සේවය කිරීමේ පරාර්ථකාමී හැගීමක් සමඟ සම්බන්ධ වන තෘප්තිමත් හැඟීමක් රුධිර පරිත්‍යාගය මගින් ඇතිවේ.

මුළු ලෝකයම මාරාන්තික වසංගතයකින් වෙලාගෙන ඇති මෙවැනි අවස්ථාවක රුධිරය ඉතා වටිනා සම්පතකි.

ලේ දන් දීමෙන් මූලික ප්‍රතිලාභ ලබන්නේ ළමයින් සහ වැඩිහිටියන් ය. එම නිසා, පරිත්‍යාගශීලියා ඔහුගේ රුධිරය පරිත්‍යාග කිරීමට තරම් සෞඛ්‍ය සම්පන්න විය යුතුයි.

ලේ දන් දෙන පරිත්‍යාගශීලියා ප්‍රමාණවත් ලෙස සුදුසු දැයි තහවුරු කර ගැනීම සඳහා සරල සෞඛ්‍ය පරීක්‍ෂණයක් සිදු කරයි. මන්ද මෙය ස්වේච්ඡා ක්‍රියාවක් වන බැවින් එය පරිත්‍යාගශීලියාට හෝ ලබන්නාට හානියක් නොවන බවට සෞඛ්‍ය සේවා බලධාරීන් වග බලා ගත යුතු බව සියලු දෙනා දන්නා කරුණකි.

ඕනෑම රටක නීතිය සහ ආරක්‍ෂාව සම්බන්ධ ආයතන වල පුද්ගලයින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය කලින් කලට පරීක්ෂා කෙරෙන හෙයින් ඔවුන් බොහෝ දුරට සෞඛ්‍ය සම්පන්න ලෙස පිලිගැනේ. තවද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙමින් දුර්වල සෞඛ්‍ය තත්වයෙන් සිටින අය සඳහා තම රුධිරය පරිත්‍යාග කිරීම ද තවත් වැදගත් කරුණකි.

වසර 12 කට පෙර අවසන් වූ එල්ටීටීඊ සංවිධානය විසින් මෙහෙයවනු ලැබූ දශක තුනක් පුරා පැවති භීෂණකාරී කුරිරු යුද්ධය රටට අති විශාල ව්‍යවසනයක් ගෙන දුනි.

කුරිරු යුද්ධයට එරෙහි සටන සිංහල හෝ දෙමළ හෝ යම් සංස්කෘතියකට එරෙහිවුවක් නොව හුදෙක් අවුරුදු 30 ක් පුරාවට අප රට ගැටුමකට ඇද දමන ලද ත්‍රස්තවාදි නායකයාගේ විනාශකාරී මතවාදයට එරෙහි වූවකි.

විනාශයට හා පීඩාවට පත් වූ දිවයිනේ සියළුම ජන කොටස්වලට තිරසාර සාමය උදාවීම තුලින් බහු සංස්කෘතික සමාජයක් වන ශ්‍රී ලංකාවට සහජීවනය ගෙන ආවේය.

සහජීවනයේ පියාපත් දිවයින තුළ සිටින සියළුම ජාතීන් වෙත විහිදුවා ඇති අතර රජය විසින් මෙහෙයවනු ලබන යාන්ත්‍රණයක් තුළින් ගැඹුරට මුල් බැස තිබු ගැටලුව සංසිදවා සමගි කර තිබේ.

මේ වන විටත් රටේ සියළු ප්‍රජාව සංස්කෘතික වෙනස්කම් වලින් තොරව අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් යුත් පරිසරයක ජීවත් වෙති.

එම නිසා ‘දීම’ සහ ‘ගැනීම’ යන උදාර සංකල්පය පුරුදු පුහුණු වීම සහ ක්‍රියාවේ යෙදවීම සාමයේ ප්‍රතිලාභ උදා කර ගැනීමට සහ තවදුරටත් සමගිව කටයුතු කිරීමට ඇති හොඳම දෙය වේ. තවද එහි යම් හිඩැසක් හෝ ඇත්නම් ඒවා පියවීමෙහිලා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විශාල කාර්යභාරයක් ඉටුකරයි.

ඒ අනුව යුද්ධයෙන් පීඩාවට පත් දිවයිනේ ප්‍රදේශ විශේෂයෙන් ආවරණය වන පරිදි එවැනි වැඩසටහන් සංවිධානය කරමින් රුධිර අවශ්‍යතා ඇති අය සඳහා හමුදා සහ පොලිසියේ ලේ දන් දීම ඉතා වැදගත් ස්වේච්ඡා සේවාවක් ලෙස ඉදිරියට ගෙන එන  ලදී.

ආරක්‍ෂාව හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන රුධිර පරිත්‍යාග කිරීමේ ව්‍යාපාර හරහා ද වර්තමාන වසංගතයට එරෙහිව සටන් කරන ආකාරය නිවැරදිව පෙන්නුම් කර ඇත.

මේ අතර, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමන් නැවත අවධාරණය කරන පරිදි පවත්නා වසංගතය මධ්‍යයේ පවා ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය නොනවත්වා කරගෙන යෑම අපේ හමුදාවන් කිසි දිනෙක අත් නොහරින බවයි.

වර්ථමානයේ ක්‍රියාත්මකව පවත්නා ‘නව සාමාන්‍යකරණය’ මඟින් වසංගතය තත්වය මධ්‍යයේ පවා මහජනයාට තම ජිවන කටයුතු සිදුකරගෙන යාමට ඉඩ සලසා දී මුළු මහත් ලෝකයටම පෙර නොවූ විරූ අත්දැකීමක් ලබා දී තිබේ.

හමුදා වෛද්‍ය සේවා වාර්තා වලට අනුව, නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් පසුගිය මාස හය තුළ ආසන්න වශයෙන් ප්‍රධාන ලේ දන්දීමේ ව්‍යාපාර 15 ක් උතුර, නැගෙනහිර සහ දිවයින පුරා සංවිධානය කරනු ලැබීය.

හමුදාව සහ පොලිසිය විසින් මෙම ලේ දන්දීමේ ව්‍යාපාර සංවිධානය කළ අතර හමුදා හා සිවිල් ලේ පරිත්‍යාගශීලීන්ට ජාති ආගම් කුල භේදයකින් තොරව වටිනා අප රටේ වටිනා ජීවිත බේරා ගැනීම සඳහා තම රුධිරය පරිත්‍යාග කිරීමට පහසුකම් සලසන ලදී.

මෙම උදාර අරමුණ හේතුවෙන් සියලු ප්‍රජාවන් ප්‍රතිලාභ අත් කරගෙන ඇති අතර  මෙවැනි ලේ දන්දීමේ ව්‍යාපාර සංවිධානය කිරීම සඳහා රෝහල් බලධාරීන්ගෙන් හමුදාවන් වෙත විශාල වශයෙන් ඉල්ලීම් ලැබේ.

ජාතික ආරක්‍ෂාව, ජාතික සංවර්ධනය ඇතුළු ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සාධනීය බලපෑමක් කරන විවිධ දායකත්වයන් හැරුණු විට රටේ ත්‍රිවිධ හමුදා විසින් සිදුකරන ලද ලේ දන් දීමේ ව්‍යාපාර තුලින් ඉතා විශාල රුධිර අවශ්‍යතාවයන් සපුරාලමින් ජීවිත ගණනාවක් බේරාගැනීම සඳහා විශාල දායකත්වයක් ලබාදෙන ලදී. එම නිසා බරපතල රුධිරයේ හිඟයක් ඇති නොවිය.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ විමධ්‍යගත ඒකකයක් වන ජාතික රුධිර පාරවිලයන සේවාව සියලුම රාජ්‍ය රෝහල් වලට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික රෝහල් සඳහා රුධිරය හා එම සේවා සපයන එකම ආයතනයද වේ.

ජාතික රුධිර පාරවිලයන සේවා ආරංචි මාර්ග වලට අනුව ගෙවීමක් රහිතව ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් වාර්ෂිකව රුධිර ඒකක 350,000 කට වඩා ලැබේ.

2021 මාර්තු මාසයේ සිට මේ දක්වා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ පැවැත්වූ ලේ දන්දීම් ව්‍යාපාර වලදී හමුදා හා පොලිස් සාමාජිකයින් 5,000 කට වැඩි පිරිසක් තම රුධිරය පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ ත්‍රිකුණාමලය ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක දහයකට අධික සංඛ්‍යාවක් ආවරණය වන පරිදි නිලධාරින් 2,000 කට අධික සංඛ්‍යාවකගේ දායකත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ලේ දන්දීමේ ව්‍යාපාර පැවැත්වීමට කටයුතු කර ඇත.

එසේම, නැගෙනහිර පළාතේ වාකරේ ඇතුළු කලාප හතරක් ආවරණය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 1,600 දෙනෙකු මේ සඳහා ස්වේච්ඡාවෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිත්‍යාගශීලීන් 700 කට අධික සංඛ්‍යාවක් මොරවැව සහ පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ අටක ලේ දන්දීම සිදුකර ඇති බව ගුවන් හමුදාව වාර්තා කරයි.

ඒ ආකාරයෙන්ම ලේ දන්දීමේ ව්‍යාපාර සඳහා පොලිස් නිලධාරීන් 180 කට අධික සංඛ්‍යාවක් තම රුධිරය පරිත්‍යාග කර ඇත.

එවැනි උදාර සෞඛ්‍ය සේවාවන් මධ්‍යයේ, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ස්වයංක්‍රීය අත් විෂබීජහරණ යන්ත්‍ර නිෂ්පාදනය කිරීම, යුද හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ඇඳන් 1200 ක් සහිත විශාලතම කොවිඩ් -19 රෝහල සීදූවේ විවෘත කිරීම, නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ඒකක සහ ගුවන් හමුදාව විසින් සොයා ගන්නා ලද අඩු වියදමකින් නිපදවන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක වැනි උපකරණ නිෂ්පාදනය කිරීම අතිමහත් සේවාවන් වන අතර ඒවා උතුරු නැගෙනහිර පලාත් ආවරණය වන පරිදි දිවයිනේ හමුදා සහ සිවිල් සහයෝගීතාව ඉහළ නැංවීමට විශාල ලෙස දායක විය.

ජාති කුල ආගම් භේද නොතකා ලේ දන් දීම තුළින් ජීවිතයේ වටිනාකම හඳුනා ගැනීම අන් කිසිදු ක්‍රියාවක් හා සැසඳිය නොහැකි වන අතර ‘ලේ දන්දීම තුලින්  කිසිවෙකු කෙදිනකවත් දුප්පත් නොවේ’.

නිදහසට කරුණු ඉදිරිපත් කිරීම මගින් කිසි විටෙකත් කිසිවකුගේ ජීවිතයක් බේරා ගැනීමට නොහැකි නමුත් ලේ දන්දීම තුලින් වටිනා ජීවිත රැසක් බේරාගැනීමට මහඟු අවස්ථාවක් උදාකරගත හැකිය.