ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 12 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2019 සැප්තැම්බර් මාසයේදී

අගෝස්තු 05, 2019

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන 12 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2019 සැප්තැම්බර් මස 11 සහ 12 යන දෙදින තුළ පැවැත්වේ. ‘නව තාක්‍ෂණය හමුවේ මානව වර්ගයාට ඇති අභියෝග’ යන තේමාව යටතේ දෙදින සමුළුව පැවැත්වේ.

අන්තර්ජාතික සමුළුවේ දී පෙර පුර්ණ සැසිවාරයන්, ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යයන ඇතුළු විෂයයන් නවයක පෝස්ටර් ඉදිරිපත් කිරීම් සහ තාක්ෂණික සැසි, නීතිය, කළමනාකරණය, සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍ර, නිර්මාණ ශාස්ත්‍රය, පරිගණක තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, මූලික හා ව්‍යවහාරික විද්‍යාවන් සහ ඊට අනුබද්ධ සෞඛ්‍ය විද්‍යාවන් පිළිබදව වැඩමුළු පැවැත්වේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ (2018) පවත්වන ලද 11 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව (IRC) ‘සහයෝගීතාවයෙන් වෘත්තීය විශිෂ්ටත්වය සුරක්ෂිත කිරීම’ යන තේමාව යටතේ පවත්වන ලදී. 2007 වසරේදී සාමය සඳහා වන නොබෙල් සම ත්‍යාග ලාභී කීර්තිමත් මහාචාර්යවරයෙකු වන මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ තිරසාර පරිභෝජන ආයතනයේ තිරසාර සංවර්ධනය පිළිබඳ මහාචාර්ය මොහාන් මුණසිංහ සහ 2014 වර්ෂයේදී නාසා විශිෂ්ඨ නායකත්ව පදක්කම දිනාගත් නාසා හි ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ අධෝරක්ත ෆෝටෝනික් සමූහයේ නායකත්වය දරන ප්‍රමුඛ විද්‍යාඥ්ඥ ආචාර්ය සරත් ඩී ගුණපාල මහතා 11 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවෙ හි දේශනයන් සිදු කල කළ කීර්තිමත් කථිකයන් දෙදෙනෙකි.

වැඩි විස්තර සදහා පහත සදහන් වෙබ් අඩවියට පිවිසෙන්න