නාවික හමුදාව සහ වෙරලාරක්‍ෂක දෙපාර්තමේන්තුව අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන එයි

සැප්තැම්බර් 28, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව ජුලි මස 26 දින බහුදින ධීවර යාත්‍රාවක තුවාල ලබා සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.

ත්‍රිකුණාමලයට නාවික සැතපුම් 30 ක් (කි.මී. 55) පමණ දුරින් මුහුදේ තිබූ ධීවර යාත්‍රාවකදී සිදු වූ අනතුරකින් මෙම ධීවරයා තුවාල ලැබූ බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

ඊයේ එම ස්ථානයට පැමිණි නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාව මගින් තුවාලකරු ත්‍රිකුණාමලය වරාය ආසන්නයට රැගෙන ඒමෙන් පසු ශ්‍රී ලංකා වෙරලාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රාවකට මාරු කර කඩිනමින් ගොඩබිමට රැගෙන එන ලදී.

 ‘සුදු රුවන් 3’ නැමැති ධීවර නෞකාව මගින් ඔහු ධීවර කටයුතු සඳහා සැප්තැම්බර් මස 19 වන දින අම්බලන්ගොඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති බවට වාර්තා වේ.